Loading..

IMF ගිවිසුමට විපක්‍ෂයේ 28ක් පක්‍ෂ වෙයි..?


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේ දී විපක්ෂයේ පිරිසක් ද එම ගිවිසුමට පක්ෂව ඡන්දය දෙනු ඇති බවට වාර්තා වේ.

ආණ්ඩුව විසින් සිදු කළ ගණන් බැලීම් වලට අනුව ආණ්ඩු පක්ෂය හැර විපක්ෂයේ ඡන්ද විසි අටක් ඊට පක්ෂව ලැබෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ අරමුදල් පහසුකම සම්බන්ධ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කර ඇත.

එය අප්‍රේල් මස 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිතව ඇති අතර මුල්‍ය අරමුදල හා රජය අතර ඇතිවූ එකඟතා පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම රජයේ ප‍්‍රධාන අරමුණ වෙයි.

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.