Loading..

ළමා අපයෝජනවලට එරෙහිව දැඩි නීති

ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය දිනවල වාර්තා වූ කළුතර හෝටලයක ඉහළ මහළකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම, කළුතර උපකාරක පංති ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම ඇතුළු සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම පිළිබඳ අවධානය යොමු කරමිනි.

ඇතැම් ගුරුවරුන් සහ වැඩිහිටියන් මෙන්ම සමාජයේ විවිධ ජන කොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර ඇත.

රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනමම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. 

ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මෙම නීති පද්ධතිය සැකසීමේදී ජංගම දුරකථන, සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතය.

The post ළමා අපයෝජනවලට එරෙහිව දැඩි නීති first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XzLDd18
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.