Loading..

මුළු දිවයිනටම වැසිබර කාලගුණයක්

දිවයින පුරා අද(30) දිනයේ දී තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි සඳහන්.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වීමට හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post මුළු දිවයිනටම වැසිබර කාලගුණයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/V8J1sPD
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.