මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය නිල නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අයේෂ් පෙරේරා නමැති 42 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙකි.
අද උදෑසන හදිසි රාජකාරියක් සඳහා පිටත්ව යාමට සේවකයෙකු ඔහුගේ නිල නිවසට පැමිණ ඇති අතර එහි කාමරයක් තුළ ප්‍රාදේශීය ලේකම්වරයා ගෙළවැලලාගෙන සිටිනු දැක පොලීසියට දැනුම්දී තිබේ.
ඒ අනුව පොලීසිය විසින් මේ වනවිට අදාළ මරණය ඝාතනයක් ද සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇත.
මීගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා අභිරහස් ලෙස මිය යයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/PRG15iC
via IFTTT


