ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග මෙම තත්වය හටගත්තේය.
මාර්ග බාධයක දී පොලිස් අණ නොතකා කටයුතු කිරීම නිසා 17 හැවිරිදි තරුණයෙකුට මෙලෙස වෙඩි තබා තිබුණි.
පවතින විරෝධතා මැඩලීමට පොලිස් නිලධාරින් 40,000ක් පමණ යොදවා තිබෙනවා.
විරෝධතාවල නිරත පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පොලිස් නිලධාරින් 200ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විරෝධතාකරුවන් විසින් දේපලවලට හානි කර ඇති අතර මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බවට වාර්තා පළවෙයි.
මේ අතර මෙවැනි නොසන්සුන්තාවක් පවතින වාතාවරණයක් තුළ ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකට ගායක එල්ටන් ජෝන්ගේ උත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් ජනතාවගේ අප්‍රසාදය පළ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
The post විරෝධතා හේතුවෙන් ප්‍රංශයම ඇවිලෙයි! විරෝධතා මැඩලීමට පොලිසියේ 40,000ක් යොදවයි! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/9o36iY8
via IFTTT


