Loading..

පරවතත වකශය තළ තම පවත වකශනය නකළට උරණ ව ඇමත අධයකෂකව දටට දමල ?

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ බලපෑම මත බවට වාර්තා පළ වනවා.

තමන් වෙනුවෙන් ප්‍රවෘත්ති විකාශයන් තුළ වැඩි ඉඩක් නොලැබීම හේතුවෙන් රූපවාහිනී පාලන අධිකාරිය සමඟ ඇමතිවරයා නොමනාපයෙන් සිටි බවයි කියැවෙන්නේ.

එවැනි වාර්තා පළ වුවද ගනේගල මහතා හෝ මහගමගේ මහතා තමන්ට අමාත්‍යවරයාගෙන් බලපෑමක් එල්ල වූ බවට කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත.

මේ අතර ලේක්හවුස් ආයතන⁣යෙන් කලකට ඉහත නිකුත් කෙරුණු ‘රැස’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතෘ මංජුල සමරසේකර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සම්බන්ධයෙන් සටහනක් තබා ති⁣බෙනවා.

එම සටහන පහතින්.

“බන්දුලගේ මූණ අවශ්‍ය තරමට නොපෙන්වීම නිසා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක්ගේ රැකියාව නැති කර ඇතැයි පැවසේ. මෙය බැලූ බැල්මට අතිශයෝක්තියක් යැයි කෙනෙකුට සිතිය හැක.

නමුත් බන්දුලගේ අතිශය කැත මාධ්‍ය මෙහෙයවීම ගැන පළමු පෙළ අත්දැකීමක් අපටත් ඇත. ඒ 2019 දී පොදුජන පෙරමුණ බලයට පත් වූ අලුතය. ඒ වනවිට රැස ප්‍රධාන කර්තෘ රංජිත් කුමාර සමරකෝන් ලේක්හවුසියෙන් ඉවත් වී ගොසිනි. රැස වැසීමේ දේශපාලනික තීරණය ගෙන තිබුණත් එය ක්‍රියාත්මක කරවීම පමා කරමින් රැස සඳහා ප්‍රධාන කර්තෘවරයෙක් ලබා දීම ද දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් පැවතිණි. චරිත හේරත් වැනි රැස ට හිතවත් පොදුජන පෙරමුණු සාමාජිකයින් රැස රැක ගැනීමට යම් වෙහෙසක් දැරුවත් එය නිශ්ඵල වෙමින් පැවතිණි.

රැස නියෝජ්‍ය කර්තෘවරයාව සිටි මා හට මාස කිහිපයක් ප්‍රධාන කර්තෘ භූමිකාවේ වැඩ බැලීමටත් ව්‍යාපාර සහ විදෙස් පුවත් කර්තෘවරයාගෙ වැඩ ආවරණය කිරීමටත් සිදු වූ වකවානුවය. මගේ මාධ්‍ය ජීවිතයේ අසික්කිතම ලෙස බලපෑම් එල්ල කරමින්, ‘ලීඩ් නිවුස්’ එක බන්දුලගේ වැල්බයිලයෙන් උපුටා ගැනීම අනිවාර්‍ය කරමින් මාධ්‍ය ජීවිතයේ මා දුටු අසාර්ථකම මාධ්‍ය ලේකම්වරයා වන බන්දුලගේ මාධ්‍ය ලේකම් මහේෂ් දිගින් දිගටම බලපෑම් කරන්නට පටන් ගත්තේය. දිගින් දිගටම ඔහුගේ බලපෑම්වලට යටත් වීම ප්‍රතික්ෂේප කෙරුණු නිසා එම බලපෑම් තර්ජනාත්මක ස්වරූපයකට පෙරළිනි. තර්ජනය රැස සහෝදර සේවකයන්ගේ රැකියාව නැති කිරීම සහ රැස වැසීම දක්වා පුළුල් වී එක් දිනක ඉවසීම අවසන් කර ‘ඕ කා ට ඇවිත් ම මේක කරගන්න කියන්න, මම දැන්ම යනවා ගෙදර’ යැයි එවක කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂගේ වැඩ ආවරණය කළ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාට පැවසීමි. එය බන්දුලගේ තර්ජනාත්මක බලපෑම්වල අවසාන දිනය මෙන්ම රැස වැසීමේ තීරණයේ සංධිස්ථානයක් විය.

The Newspaper චිත්‍රපටියේ නිෂ්පාදකවරයා ඉන්නේ අමු නිරුවතින් බව ඔප්පු කිරීමට තවත් සාධක අවැසි නැත.”
source – mawurata

The post ප්‍රවෘත්ති විකාශය තුළ තම පුවත් විකාශනය නොකළාට උරණ වූ ඇමති අධ්‍යක්ෂකව දොට්ට දමලා ? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6voPsqD
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.