Loading..

සනත නශනතට වඩ වරදන ලකණ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුලි මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන සී. ඩී. පට පරික්ෂා කිරීමට අදාළ වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය මේ වන විට අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් ජුලි මස දහතුන් වනදා කැඳවන ලෙසත් එම නොතීසිය වගඋත්තරකාර පාර්ශවයට ලැබී තිබේදැයි එදින දැනුම් දෙන ලෙසත් අධිකරණය නියම කළා.

ඉකුත් වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අරගලකරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරුන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එම ප්‍රකාශය තුළින් ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් නීතිඥවරුන් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

The post සනත් නිශාන්තට වැඩ වරදින ලකුණු first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/neiTMbE
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.