Loading..

පලසය ජනතවගන සද කළ වශෂ ඉලලම

රාත්‍රි කාලයේ දී මාර්ග බාධක රාජකාරිවල නිරත ආරක්ෂක අංශ නිලධාරීන් රථ වාහන නතර කළහොත් ඊට සහය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මෙම ඉල්ලීම කරනු ලැබුවේ වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේ මාර්ග බාධකයක දී නොනවත්වා ධාවනය වූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් නතර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අහසට වෙඩි තැබීමේ සිද්ධියක් මුල් කරගෙනයි.

වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධකයක් යොදවා තිබූ අතර ඒ හරහා යාමට පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයකට නවත්වන ලෙස අණ කර තිබුණා.

එහෙත් මෙම ලොරි රථය අධික වේගයෙන් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරියේ නිරත නිලධාරීන් අහසට වෙඩි දෙකක් තැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

The post පොලිසිය ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NumWU6S
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.