Loading..

ඉන්ධන කෝටාව වැඩිවීම හා ඉන්ධන මිල පහත දැමීම ත්‍රී රෝද ගාස්තුව සම්බන්ධයෙන් ගත් තීරණය

ඔක්ටේන් 92 ඉන්ධන මිල පහත දැමීමට රජය කටයුතු කළ ද ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා.

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කළ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 318 ක් ලෙසටයි.

මීට පෙර ද අවස්ථාවක ඉන්ධන මිල පහත ගිය ද ත්‍රිරෝද රථ සංගම් ගාස්තු අඩු කිරීමක් සිදු කළේ නැහැ.

ඔවුන් පවසන්නේ අමතර කොටස් මිල ඉහළ යාම ඊට හේතුව බවයි.

එසේම රජයෙන් ලබා දෙන ඉන්ධන කෝටාව ද පසුගිය දා ඉහළ දැමීමට රජය කටයුතු කළත් එය ද ප්‍රමාණවත් නොවන බවයි එම සංගම් පවසන්නේ.

The post ඉන්ධන කෝටාව වැඩිවීම හා ඉන්ධන මිල පහත දැමීම ත්‍රී රෝද ගාස්තුව සම්බන්ධයෙන් ගත් තීරණය first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hDlWJ2n
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.