දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය පිළිබදව විවිධ පාර්ශ්ව විසින් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් සිය පාරිභෝගිකයන් ව්‍යාකූලත්වයට පත්ව සිටින බැවින්, බැංකු, ඔවුන්ගේ ඒ.ටී.එම් යන්ත්‍ර මුදල්වලින් පුරවමින් සිටින බව වාර්තා වේ.
බැංකු මෙසේ කිරීමට හේතුව වී තිබෙන්නේ, ඒ.ටී.එම් යන්ත්‍රවල මුදල් නොමැති වුවහොත්, පාරිභෝගිකයන්, බැංකු බංකොලොත් වී ඇතැයි වැරදි උපකල්පනයකට යාමට ඉඩ ඇති නිසා යැයි පැවසේ.
කෙසේ වෙතත්, දැනට පාරිභෝගිකයන් අනවශ්‍ය භීතියක් ඇතිකරගෙන ඇති බවක් පෙනෙන්නට නැති බව පවසන බැංකුකරුවෝ, නමුත්, පාරිභෝගිකයන්ගෙන් පැමිණෙන විමසීම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ද පවසති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මහබැංකු අධිපතිවරයාද, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තැන්පත් කරුවන්ගේ තැන්පතු මුදල්වලට හෝ පොලියට කිසිදු බලපෑමක් ඇති නොකරන බව සහතික කළේ ය.
මෙම ප්‍රවෘත්තිය, අද වෙළදපොළට නිකුත්ව තිබෙන ද මෝර්නිං පුවත්පත වාර්තා කර තිබුණි.
The post බැංකු සියල්ල ඒ.ටී.එම් යන්ත්‍රපුරවයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/o7c4Avf
via IFTTT


