Loading..

ඝෝෂාව නිසා හිටපු නිල නිවස එපා කියූ ගෝඨාභයට නව නිල නිවසක්

තනතුර අතහැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත රජයෙන් නව නිල නිවසක් ලබා දී ඇති අතර කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි එම නිවසේ ඔහු මේ වන විට පදිංචිව සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඔහු රටින් පළා ගොස් නැවත පැමිණීමෙන් පසු රජයෙන් දුන් බෞද්ධාලෝක මාවතේ නිවස නිතර ඝෝෂාකාරී බැවින් ඔහු එම නිවසට අකමැතිවී ඇති අතර මෙම තත්ත්වය සළකා අදාළ නව නිවස ලබා දි ඇති බව සඳහන් වේ.

රාජපක්ෂ මහතා, අලුතින් පදිංචි වූ ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිවස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාට වෙන් කර නිවස බවද පැවසේ.

ඔහු සමඟ එකඟතාවයෙන් නව නිවස රාජපක්ෂ මහතාට ලබා දී ඇති බවද වාර්තා වේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි, ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥයා වන අතර ඔහු දේශපාලනයට කැඳවූයේ ද හිටපු ජනාධිපතිවරයා ය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා හා ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ ද එම නිවසට ආසන්නයේ ය.

The post ඝෝෂාව නිසා හිටපු නිල නිවස එපා කියූ ගෝඨාභයට නව නිල නිවසක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/deFJyRV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.