Loading..

දෂමනත චමර ගන තරණයක

වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ මූලික වටයේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

ඒ වෙනුවට දිල්ෂාන් මධුසංඛ කණ්ඩායමට එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ මේ දක්වා මූලික වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගනිමිනි.

අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ හෙට තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමිකර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.

The post දුෂ්මන්ත චමීර ගැන තීරණයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Gd0bfCX
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.