මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ වීඩියෝ පටයක් හා හඬපටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට නම් රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙස පුද්ගලයෙක් වට්ස්ඇප් ඇමතුමක් මගින් සදහන් කර ඇත.
අනතුරුව රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙසද පුද්ගලයෙක් තර්ජනය කළ බවත් වීඩියෝ පටයක් හා හඬපටයක් තිබෙනවා යැයි සදහන් කරමින් ඇමතුම් ලැබීම සම්බන්ධයෙන් මිහින්තලේ විහාරාධිපති හිමියන් පොලීසිය පැමිණිලි කර ඇත.
රුපියල් කෝටියක මුදලක් කප්පම් මුදලක් ඉල්ලා මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිට තර්ජනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
The post වීඩියෝවක් ලීක් කරන බව පවසා මිහින්තලේ නාහිමිගෙන් කෝටියක කප්පමක් ඉල්ලලා first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/zLfXnKA
via IFTTT


