Loading..

නිරන්තරයෙන් අලුත් වන WhatsApp වෙතින් පරිශීලකයින්ට හඳුන්වා දුන් නවතම පහසුකම

ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටිනවා.

ඒ අනුව, මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුවා.

Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වෙන්නේ.

මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වයි.

කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතුයි.

මේ පහසුකම දැනටමත් බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වෙන්නේ.

The post නිරන්තරයෙන් අලුත් වන WhatsApp වෙතින් පරිශීලකයින්ට හඳුන්වා දුන් නවතම පහසුකම first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TNpQxCd
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.