පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා ,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර සහ පියංකර ජයරත්න ඇතුළු පිරිසක් පසුගියදා හමුවී පිහිටුවීමට නියමිත නව දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව මංගල රැලිය ලබන වසරේ ජනවාරි 19 වෙනිදා පැවැත්වීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
එතෙක් ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමටද තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දිනවලදී ගම් මට්ටමේ කුඩා ජන හමු පැවැත්වීමට මෙම පිරිස තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
The post දැවැන්ත දේශපාලන සන්ධානයක්! එළිදැක්වීම ජනවාරි 19 වනදා! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/LEow1G4
via IFTTT


