මෙම වසරේ පොල් ඵලදාව සියයට තිහකින් අඩු වන බව පොල් පර්‌යේෂණ ආයතනය අනතුරු අඟවයි. ඊට හේතු වී ඇත්තේ පොල් වගාවට නිර්දේශ කර ඇති පොහොර නිසි පරිදි නොලැබීමයි.
මේ හේතුවෙන් ඉදිරි කාලයේදී වෙළෙඳපොළට පැමිණෙන පොල ගෙඩි ප්‍රමාණයද අඩු විය හැකි බව එම ආයතනය සඳහන් කරයි.
මෙරට මාර්ෂික පොල් අස්වැන්න වන්නේ ගෙඩි බිලියන 3.1කි. මෙම සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික පොල් හිඟය ගෙඩි බිලියන 1.8කි. පසුගිය දිනක පැවැති කෝප් කමිටු හමුවකදී හෙළි වූයේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ඉඩම්වලට පවා අවසන් වරට පොහොර යොදා ඇත්තේ මීට වසර හතකට පෙර බවයි.
නමුත් සාර්ථක වගාවක් පවත්වාගෙන යාමට නම් වගාව වෙත වාර්ෂිකව පොහොර යෙදිය යුතු වුවත් මෙරට බහුතරයක් පොල් වගා බිම් සඳහා අඛණ්ඩව වසර කිහිපයක සිට පොහොර යොදා නොමැත.
මේ හේතුවෙන් ගස් සතුව පවතින රෝග හා පළිබෝධ සඳහා ඔරොත්තු දීමේ හැකියාව වියැකෙන බවත් එහි බලපෑමක් ලෙස මේ වන විටත් වගාබිම් ආශ්‍රිතව රෝග පැතිර යමින් ඇති බැවින් මෙම තත්ත්වය සෘජුවම පොල් අස්වැන්න වෙත දරුණු බලපෑම් එල්ල කරන බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
The post ඉදිරියේ දැවැන්ත පොල් හිඟයක් ? first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/iwxCq8I
via IFTTT


