Loading..

තුන් හැවිරිදි දරුවෙකුගේ නිරෝගී වකුගඩුවක් වෛද්‍යවරුන් අතින් ශල්‍යකර්මයේදී ඉවත් වෙයි! දරුවාට ජිවීතය අහිමි වෙයි!

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකින් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිදුවීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ බවට දරුවාගේ මව්පියන් චෝදනා කරයි.

වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3යි මාස 03ක් වූ පිරිමි දරුවෙකු ඊයේ (27) මියගොස් තිබිණි.

එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බව වාර්තා වී ඇත.

කෙසේවෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව මව්පියන් සඳහන් කරයි.

වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් තිබේ.

මියගිය දරුවාගේ මව ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්,

”බයවෙන්න එපා මාස තුනකින් වගේ ඕගොල්ලන්ට අපි වකුගඩුව හොයලා එයාට බද්ධ කරලා එයාව ජීවත් කරවන්නම් කියලා තමා කිවුවේ. ඒකෙ විශ්වාසට තමා ළමයගේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙලා ඉවසගෙන හිටියේ. අන්තිමට මගේ ළමයගේ වකුගඩු දෙකම නෑ කියලා කිවුවා. එන්ඩ එන්ඩ තමා එයා වීක් වුණේ. එයාට බඩ යන්න පටං ගත්තා. එයාට ඉන්ෆ්ලෙක්ෂන් එක වැඩි වුණා. එහෙම එහෙම වෙලා දුර්වල වෙලා කන්නෙ බොන්නෙ නැතිවෙලා වතුර උගුරක් වත් අන්තිමට බිවුවෙ නෑ. අන්තිමට මගේ ළමයා මට නැතිවුණා”

මේ සම්බන්ධයෙන් අද දෙරණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතාගෙන් විමසීමකදී ඔහු පැවසුවේ, දරුවාගේ වකුගඩු අක්‍රමවත්ව පිහිටීම හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකළ අතර, එම සැත්කම අතරතුර නිරෝගී වකුගඩුවද ඉවත්වී ඇති බවයි.

”මේ දරුවාගේ උප්පත්තියෙන්ම වකුගඩු දෙක යාබද වෙලා පිහිටීම නිසා එම එක වකුගඩුවක් අකර්මන්‍ය වෙලා, විෂබීජ ගිහිල්ලා එය නරක් වීම මත ඒක ඉවත් කිරීමේදී අනිත් වකුගඩුවත් ඉවත් වෙලා තියනවා. ශල්‍යකර්මයේදී ඒක හඳුනාගන්න හැකි වෙලා නෑ. ඒ නිසා වකුගඩුවක් බද්ධ කිරීමට පෙර විෂබීජයක් ආසාදනය වෙලා තමා මේ දරුවා මියගිහිල්ලා තියෙන්නේ”
(source – iri)

The post තුන් හැවිරිදි දරුවෙකුගේ නිරෝගී වකුගඩුවක් වෛද්‍යවරුන් අතින් ශල්‍යකර්මයේදී ඉවත් වෙයි! දරුවාට ජිවීතය අහිමි වෙයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HzOjtS6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.