Loading..

රුපියල් බිලියන ගණනක් වැය කරමින් ඉදි කළ නව කැළණි පාලම අනතුරේ

ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකර 2021 නොවැම්බර් මාසයේ විවෘත කරන ලද නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.

කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද අනාවරණය වී තිබේ.

දැනට අනාවරණය වී ඇති ආකාරයට රුපියල් මිලියන 286 එනම් රුපියල් කෝටි 28ක පමණ අලාභයක් මෙමගින් සිදුව ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුද්ගලයින් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා කපාගෙන ගොස් ඇතැයිද ඒ හේතුවෙන් අධිවේගි මාර්ගයේ රාත්‍රියට විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් ඇති බවද අනාවරණය වී ඇත.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මෙම සියලු කරුණු අනාවරණය වී ඇත.

පොළවේ සිට සම්බන්ධ වන තඹ කේබල් කපාගෙන යාමෙන් නව කැලණි පාලම අනතුරක ඇතැයි තමාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳව ආන්ශික කාරක සභාවේදී හෙළි වූ බවත් ඒ අනුව වහාම ආරක්ෂාව තහවුරු කරන්නැයි වගකිවයුතු අංශවලට යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවැසීය.

මෙම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් කරන්නැයි ඔහු යෝජනා කර තිබේ.

මෙම කරුණු සලකා බලා නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇත.

The post රුපියල් බිලියන ගණනක් වැය කරමින් ඉදි කළ නව කැළණි පාලම අනතුරේ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Sea0y2J
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.