Loading..

හොලිවුඩයේ නළු නිළියන් 160,000ක් වැඩ වරජනයක් අරඹයි

හොලිවුඩ් නළු නිළියන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.
Screen Actors Guild-American Federation of Television and Radio Artists (SAG-AFTRA) හි සභාපති Fran Drescher ලොස් ඇන්ජලීස් හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ හොලිවුඩ් නළුවන් නියෝජනය කරන සංගමය වර්ජනයකට යන බවයි.

රංගන ශිල්පීන් 160,000ක් පමණ මධ්‍යම රාත්‍රියේ වැඩ නතර කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව එක්සත් ජනපදයේ චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන වලින් අතිමහත් බහුතරයක් නවතිනු ඇති බවයි වාර්තා වන්නේ.

Cillian Murphy, Matt Damon සහ Emily Blunt යන ශිල්පින් ලන්ඩනයේ පැවති ක්‍රිස්ටෝපර් නෝලන්ගේ Oppenheimer හි මංගල දර්ශනයෙන් ඉවත්ව ගොස් වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවන ලද මුහුණු සහ කටහඬ, නළුවන් වෙනුවට භාවිත නොකරන බවට සහතිකයක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී Bob Iger පවසා ඇත්තේ නළුවන් සහ ලේඛකයින් යන දෙඅංශයේම ඉල්ලීම් ප්‍රායෝගික නොවන අතර Covid-19 හි බලපෑමෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින කර්මාන්තයකට මෙම වර්ජනය හානිදායක වනු ඇති බවයි.

එමෙන්ම නිෂ්පාදනයේ පවතින චිත්‍රපට නවතිනු ඇති බවත් රූගත කිරීම් දැනටමත් අවසන් කර ඇති අවස්ථාවන්හිදී පවා, නැවත රූගත කිරීම් සහ චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලියේ අනෙකුත් අත්‍යවශ්‍ය අංග සඳහා නළු නිළියන් නොමැති වනු ඇති බවත් සඳහන්.

තවමත් රූගත කෙරෙන රූපවාහිනී වැඩසටහන් ද නළු නිළියන් නොමැති වීම නිසා බොහෝ දුරට නතර කිරීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post හොලිවුඩයේ නළු නිළියන් 160,000ක් වැඩ වරජනයක් අරඹයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ey92kQD
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.