Loading..

සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයට ජනපතිගෙන් විශේෂ නියෝගයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැතිවිණි.

එහිදී ඔහු පවසා ඇත්තේ ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවය.

එසේම දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට දැනුම්දී තිබේ.

මේ අතර දැනට රෝහල්වල ඇති ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර එමගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

The post සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයට ජනපතිගෙන් විශේෂ නියෝගයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7QRqeTw
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.