Loading..

ඉන්ධන පිරවුම්හල්හිමියන් ට විශේෂ දැනුම්දීමක්

නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා දැනුම්දී තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101ක පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග ඊයේ (29) දවස වන විට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති අතර ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කරද නොමැති බවය.

නිසිපරිදි ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහොසත් වූ ඉන්ධන පිරවුම්හල් කීපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට සහ අනෙකුත් පිරවුම්හල්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුගිය මස කටයුතු කර තිබුණි.

2023.07.30 වනදා උදෑසන 8.30 වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග මෙසේය.

ඔටෝ ඩීසල්  – මෙ.ටො. 124,690
සුපිරි ඩීසල් – මෙ.ටො 5,651
පැට්‍රල් 92- මෙ.ටො 19,903
පැට්‍රල් 95 – මෙ.ටො 4,537
ගුවන්යානා ඉන්ධන – මෙ.ටො 26,539

The post ඉන්ධන පිරවුම්හල්හිමියන් ට විශේෂ දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hdLxA0j
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.