Loading..

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා යුටියුබ් නාලිකාවක සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ කෝටි එකහමාරක් වටිනා රත්තරන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ලිපියකින් දැනුම් දෙමින් එම භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා ගැනීමටයි.

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් මිලියන 15කට අධික වටිනාකමින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේ දී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

The post මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J1CYWDQ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.