රාජ්‍ය නාකයන් රැසකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ‘විසුම්පාය’ ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් බවට පත්කිරීමේ සූදානමක් ඇත.
මෙම විසුම්පාය ගොඩනැගිල්ල Axotels Hospitality Limited ආයතනය වෙත වසර පනහක බදු පදනම යටතේ පවා ඇතැයි වාර්තාවේ. එම ආයතනය, හුනාස් හෝල්ඩින් පෞද්ගලික සමාගම හා ජපානයේ හවුල්කාර කොස්ටියුම් සමග මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ඇත.
රටේ තිබෙන ආර්ථික තත්ත්වය පදනම් කරගෙන මෙවැනි පෞරාණික ගොඩනැගිලි පෞද්ගලික හා පොදු හවුල්කාරීත්වය යන ක්‍රමවේදය අනුව එහි නිමැවුමට හානියක් නොවන ආකාරයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වැය නොකර සංවර්ධනය කිරීමට නියමිතය.
පරිසර හිතකාමී ඉහළ මට්ටමේ බුටික් හෝටලයක් ලෙස එය සංවර්ධනය කෙරෙන අතර එහි ඉහළ මට්ටමේ සංචාරකයන් සඳහා නවාතැන් ගැනීමට සුඛෝපභෝගී කාමර, පොදු ප්‍රදේශ හා අවන්හල්වලින් සමන්විතය.
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක, හිටපු අගමැති දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර හා මහාචාර්ය ජී.එල්. පීරිස්ද මෙම ගොඩනැගිල්ල සිය නිල නිවාසය බවට පත්කර ගත්තවුන් අතර වෙති.
The post රාජ්‍ය නායකයින් රැසකට සෙවණ දුන් ‘විසුම්පාය’ සුපිරි හෝටලයක් කිරීමේ සූදානමක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/xpIZbK1
via IFTTT


