Loading..

මහනුවර රෝහලෙන් තවත් අර්බුදයක්

මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන්ට භාවිත කරන පරිතාන කාන්දු පෙරණය සඳහා භාවිතා කරන රසායනික දියරයේ කැබලි සහිත ස්වභාවයක් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා (15) ඊයේ දිනයේ දී මහනුවර රෝහලේ වකුගඩු ඒකකයට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

මේ වන විට එම දියරය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වී ඇත.

ඵ් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

The post මහනුවර රෝහලෙන් තවත් අර්බුදයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xgqjtAm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.