අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදූවූ බව පැවසෙන මරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ (16) අනාවරණ කළේය.
පසුගිය 28 වනදා එම මරණය සිදුව ඇති බවත් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් එම මරණය සැක සහිත බවට පැවසුවද ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැතැයි ද සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.
“ඥාතීන් චෝදනා කරනවා මේක මැරෙන්න ගිය ගමනක් නෙමෙයි. තිබුණේ කිහිල්ල උඩ ගෙඩියක්. හොඳට හිටියා. අවසානයේ එන්නතක් ලබාදුන්නා සිහිය නැතිවෙන්න එකෙන් පස්සේ නැවත සිහිය ආවේ නෑ. එයා මරණයට පත්වුණා කිව්වා. මේක වාර්තා වෙලා නෑ. මේක වාර්තා කරන්න ඒ මිනිස්සුන්ට තැනක් නෑ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ මෙන්න මේක. මෙහෙම ඒවා තව කොච්චර වෙනවා ඇති ද? ඒ නිසා කරුණාකරලා එහෙම අයට මේක පැමිණිලි කරන්න තැනක් දෙන්න…”
මේ අතර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයෑමේ සිද්ධියට අදාළ ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල්වලට ලබාදී තිබූ කාණ්ඩවලට අයත් ඖෂධ තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කළ බවය.
The post ශීක්ෂණ රෝහලකින් තවත් සැක කටයුතු මරණයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/y65wgNu
via IFTTT


