Loading..

අගුරුවාතොට තරුණ මවක හා කුඩා බිළිඳියක ඝාතනය කළ සැකකරුට අත් වූ ඉරණම

අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළාගේ සිරුර එහි එල්ලෙමින් තිබියදී ඊයේ (22) පස්වරුවේ සොයාගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා .

පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයකු බවයි.

සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැවිරිදි වාසනා කුමාරී සහ මාස 11 ක් වයසැති බිළිදියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණා.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.



from TODAY NEWS LK https://ift.tt/jeCvA9K
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.