Loading..

ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුට එන්නතක් ලබාදෙන අතරතුරදී ඊයේ (26) මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ඔහුගේ මරණය අසාත්මිකතාවක් හේතුවෙන් සිදුවුනේද යන්න තහවුරු කරගැනීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බැවින් එතෙක් අදාළ එන්නත රෝගීන්ට ලබාදීම අත්හිටුවා තිබෙන බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවා.

අදාළ රෝගියා කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනිමට වරකාපොළ රෝහලට ඇතුළත්ව සිට ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණා.

50 හැවරිදි එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කැපුම් තුවාල සුවවීම සඳහා “කෝ-ඇමොක්සි-ක්ලොව්” නම් ප්‍රතිජීවික එන්නත ලබාදීමෙන් පසු මෙලෙස මියගිය බවයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසුරිය මහතා සඳහන් කළේ අදාළ ප්‍රතිජීවික එන්නත වාට්ටුවේ සිටි තවත් රෝගීන් කිහිපදෙනෙකුටද ලබාදී ඇති අතර පෙරේදා දිනයේදී පමණක් එම එන්නත රෝගීන් 32ක් සඳහා ලබාදුන් බවයි.

“කෝ-ඇමොක්සි-ක්ලොව්” නමැති මෙම ප්‍රතිජීවක එන්නත දේශියව නිශ්පාදනය කරන අතර එම ඖෂධයට ජාතික ඖෂධ නියාමනය අධිකාරියේ අනුමැතියද ලැබි ඇති බව සඳහන්.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම එන්නත කොළඹ ජාතික රෝහල තුළ මේ වනවිට භාවිතයෙන් ඉවත් කර ඇති අතර මියගිය රෝගියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද(27) දිනයේ සිදුකිරිමට නියමිත බවයි.



from TODAY NEWS LK https://ift.tt/bMKFtq9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.