Loading..

ඇමෙරිකානු ජනපති බයිඩන්ට ෆේස්බුක් ඔස්සේ තර්ජනය කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

අන්තර්ජාලය ඔස්සේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට සහ තවත් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ පුද්ගලයෙක් එෆ් බී අයි වැටලීමකදී වෙඩි වැදී මියගොස් තිබේ.

එම නිලධාරීන් ඊයේ (09) සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා සිතාසියක් භාරදීමට ගිය අවස්ථාවේදී එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ක්‍රෙග් රොබර්ට්ස් උටා පළාතේ පදිංචිව සිටි අතර ජනාධිපති බයිඩන් එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබේ. 

රොබර්ට්ස් ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කර තිබුණේ ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ජනාධිපති බයිඩන් ට සහ රජයේ නීතිඥවරයෙක්ට එරෙහිව තර්ජනය කර තිබීම හේතුවෙනි.

ඒ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා නැගීම ඔහුගේ නොසතුට ට හේතුවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ලබාදීම එෆ් බී අයි නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.



from TODAY NEWS LK https://ift.tt/Rw2UF7r
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.