Loading..

ජනතාවට අඩු මිලට ඉන්ධන ලැබෙන ලකුණු! සිනොපෙක් අඩුමිලට ඉන්ධන ලබාදීමට අවසර ඉල්ලයි!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට වඩා සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් තුනක් අඩුවෙන් අළෙවි කිරීමට ‘සිනොපෙක්’ සමාගම තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබේ.

නමුත් එම ඉල්ලීමට තවමත් සංස්ථාව පාර්ශ්වයෙන් නිසි අවසරයක් ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ සිනොපෙක්’ සමාගමට මේ වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 130 ක් පවරා ඇති බව ය.

මේ වන විට සිනොපෙක් සමාගම පළමු ඉන්ධන තොග ලෙස ඉන්ධන මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසක් මෙම මස මුල දී ආනයනය කර ඇත.

ගිවිසුමට අදාළව තවත් ඉන්ධන පිරවුම්හල් 20ක් සිනොපෙක්’ සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇත.



from TODAY NEWS LK https://ift.tt/DMrnA9e
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.