Loading..

කුඩු ගයනිගේ සුවිශල් මන්දිරය ක්‍රියා විරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගයනි දිල්රුක්ෂි හෙවත් “කුඩු ගයනි” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුන්ඩසාලේ පිහිටි සුවිසල් නිවස රාජසන්තක කිරීම සඳහා ක්‍රියාවිරහත කිරීම පසුගියදා සිදුකර තිබේ.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින් මෙම ක්‍රියාවිරහත කිරීම සිදුකර ඇත.

විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය විසින් 2019 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදලින් මෙම නිවස ඉදිකර ඇතැයි පැවසෙන අතර, මේ වනවිටත් ඉදිකරමින් පවතින අදාළ නිවසේ වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න බවය.

නිවස ඉදිකිරීම සඳහා මුදල් ඉපැයූ ආකාරය හෙළිකිරීමට අපොහොසත්වීම හේතුවෙන් එය මෙලෙස ක්‍රියාවිරහිත කළ බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.



from TODAY NEWS LK https://ift.tt/SiJoBIK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.