Loading..

බස් රථයකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට

යාපනයේ සිට අච්චුවේලී දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කොට බස් රථයට හානි සිදු කිරීමේ චෝදනාව මත යාපනය පොලීසිය විසින් යාපනයේ කාන්තාවක් ඊයේ (08) දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ සිරුපිට්ටි ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඇය පොලීසියට පවසා ඇත්තේ එම බස් රථයේ රියදුරා තමන්ට බස් රථය නොනවත්වා උසුළු විසුළු කරමින් ගිය තරහට බස් රථයට ගලකින් දමා ගැසූ බවයි.

කාන්තාව විසින් එල්ල කරණ ලද ගල් ප්‍රහාරය නිසා බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුවී ඇති අතර මගියෙකුටද සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

යාපනය පොලීසිය අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



from TODAY NEWS LK https://ift.tt/ABl2Ko8
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.