ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.
ජනාධිපතිවරයා මේ වනවිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.
මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
මේ අතර, පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට ජනාධිපති සුදානමින් සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය.
පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
from TODAY NEWS LK https://ift.tt/hGYX7Sk
via IFTTT


