Loading..

බිහිසුණු බස් රථ අනතුරක්

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටී පෙරළී ගොස් අද (14) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිසුවන අවස්ථාවේ දී බස් රථය තුළ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

බස් රථය ආලෝක සංඥා නොතකමින් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



from TODAY NEWS LK https://ift.tt/SYiuhNo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.