Loading..

කිරම ආරේ සැඟව ගිය 13 හැවිරිදි හෝකී ක්‍රීඩකයා

කඹුරුපිටිය සපුගොඩ කිරම ආරේ දිය නැමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලිමෙන් මියගොස් ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තාරුෂ දිනුවර නැමති එම විද්‍යාලයේ වයස 14 පහළ හොකි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

හොකි කණ්ඩායම ක්‍ මාතර උයන්වත්ත ක්‍රිඩාංගණයේ පුහුණුවිම් සිදුකිරීමෙන් අනතුරුව පුහුණුකරු සිසුන්ට පාසල වෙත යන ලෙස උපදෙස් ලබා දි තිබියදි එම අනුගමනය නොකර සිසුන් පිරිසක් සමඟ මෙම සිසුවා දිය නෑම සඳහා සපුගොඩ ප්‍රදේශයට ගොස් ඇති බව මුලික විමර්ශණ වලදි අනාවරණය වන බව පොලීසිය කියයි.

සිසුවා දියේ ගසා ගෙන යැමෙන් අනතුරුව ඔහු පිලිබද තොරතුරක් සොයා ගැනිමට නොහැකිව තිබු අතර ප්‍රදේශවාසින් හා ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි සිසුවා දිය නැමට දියට බසින ලද ස්ථානයට මීටර පනිසියයක් පමණ පහලින් තිබි සිසුවාගේ සිරුර ප්‍රදේශවාසින් විසින් සිකුරාද සවස සොයා සොයාගත් බව පොලිසිය පවසයි.



from TODAY NEWS LK https://ift.tt/4yFbak5
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.