Loading..

ගාල්ලේ වෙඩි තැබීමක්! ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මාමණ්ඩිය මරුට!

ඊයේ (23) පස්වරුවේ ගාල්ලේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි ප්‍රහාරයට ලක්වී මියගියේ ලලිත් ප්‍රසන්ත මෙන්ඩිස් නම් ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙක් බවයි.

ඔහු සිය රෙදිපිළි ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවස බලා යමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී56 අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

පොලිසිය පවසන්නේ වෙඩි පහරවල් පහළොවක් පමණ එල්ල කර ඇති බවය.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩි.වී.චානක අමාත්‍යවරයාගේ මාමණ්ඩියයි.



from TODAY NEWS LK https://ift.tt/FWwnOqR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.