නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට වරද පිළිගත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුලු පිරිසකට පැමිණිල්ලට රුපියල් ලක්ෂ3 ක මුදලක් ගෙවන ලෙස අධිකරණය අද නියෝග කළා.
පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වා තිබුණේ 2014 වසරේ අප්‍රේල් මස 9 වනදායි.
මෙම මාධ්‍ය සාකච්ඡාවට නීතිවිරෝධී අයුරින් ඇතුලුවී සාපරාධී බලහත්කාරකමක් පෑම, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුලු චෝදනා කිහිපයක් මොවුන්ට එල්ලවී තිබුණා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විවෘත අධිකරණයේ වරද පිළිගැනීම වෙනුවෙන් මෙලෙස දඩුවම් නියම කරනු ලැබුවා.
අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් අවවාද කරමින් සමථ වීමට මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම අවසර ලබාදී තිබෙනවා.
from TODAY NEWS LK https://ift.tt/UkCYOXd
via IFTTT


