Loading..

ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ ජනකගේ රථගාය

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා එම ධුරයේ කටයුතු කරද්දී භාවිතා කරන ලද මෝටර් රථය සඳහා මාසිකව රුපියල් 375,000 ක කුලියක් ගෙවා ඇති බව හෙළි වී තිබේ.

එය රජයේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළි වී ඇත.

බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සඳහා හිටපු සභාපතිවරයා විසින් මෙම මුදල ගෙවා ඇති බවත් එම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය වසරේ මැයි මාසය අවසාන දක්වා නීතිවිරෝධීව ගෙවා ඇති බවත් විගණකාධිපතිවරයා විසින් කමිටුවට දී ඇත.

මේ සම්බන්ධයෙන් මූල්‍ය රෙගුලාසි යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ වාර්තා කරන ලෙස කමිටුව විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයාට දන්වා තිබේ.

එමෙන්ම අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගන්නා ගැනීමට ද කටයුතු කර ඇත.



from TODAY NEWS LK https://ift.tt/rImCWuN
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.