Loading..

තරග වාර්තාවක් පිහිටවමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හතර දෙනාගේ වටයේ ගමන අරඹයි

සුපිරි හතර දෙනාගේ වටයේ සහභාගී වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 21 ජයක් ලැබුවා.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟයි.

ඊයේ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හිමිකර ගත් අතර ඔහු පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දු ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 50 දී සියලු දෙනාම දැවී ලකුණු 236 ක් පමණි.

ඒ අනුව 2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21 කින් ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ සධීර සමරවික්‍රම ලකුණු 93ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් බිඳ හෙළීය.

ඊයේ තරගය ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවකාශයද ලැබුණා.

ඒ අඛණ්ඩව වැඩිම එක්දින තරග ගණනක් ජයග්‍රහණය කළ ලොව දෙවැනි කණ්ඩායම බවට පත්වෙමින්.

දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අඛණ්ඩව තරග 13ක් ජයග්‍රහණය කර ඇත.

අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කර ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියාවයි. ඒ අඛණ්ඩව තරග 21ක් ජයග්‍රහණය කරමිනි.



from TODAY NEWS LK https://ift.tt/mZijN1I
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.