පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (24) එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකරන්නේ නම් එය ප්‍රමාණවත් බවය.
එහිදී අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
“විමර්ශන කරන්නට නායකයෝ නායකත්වය ගන්වානම්, ඒකට ක්‍රියා කරනවානම්, හැබැයි අවංක ලෙස, දේශපාලන බලපෑම්වලට යටවෙලා එයාලව මෙයාලව ආරක්ෂා නොකර ඇත්තටම මොකද්ද වුණේ කියන එකේ ඇත්ත සොයාගන්න අවංක නිලධාරීන් හරහා යම් ප්‍රයත්නයක් දරනවා නම් අපිට ඒකෙන් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ විනිවිඳපෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කරන්න කියලා.”
from TODAY NEWS LK https://ift.tt/7MRPie8
via IFTTT


