Loading..

හඳයාගේ මස්සිනා අත්අඩංගුවට

හෝමාගම නියඳගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුළ පිහිටි නේවාසිකාගාරයකදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අද (24) දින අලුයම අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

ඩුබායි හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බව පැවසෙන ‘හඳයා’ නැමැත්තා ගේ මස්සිනා බව කියන ‘චුක්කා’ නැමැති පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සතුව තිබී රුපියල් 110,000ක මුදලක් තිබී සොයාගත් බවද පොලීසිය පැවසීය.

මත්ද්‍රව්‍ය පැකට් කිරීම සදහා යොදාගත් තරාදි ,පොලිතින් පැකට්, ඉටි පන්දම්, කතුරු ඇතුළු භාණ්ඩ රැසක් ද එම නේවාසිකාගාරයෙහි තිබී සොයා ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



from TODAY NEWS LK https://ift.tt/xB2Cpab
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.