Loading..

අඩු මිලට විදෙස් මත්පැන් මිලට ගන්න අවස්ථාවක්

වරින් වර නීතිවිරෝධී ලෙස මෙරට ගෙන්වා රේගු භාරයට ගෙන තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේ ගබඩා සංකීර්ණයේදී
වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එලෙස නීති විරෝධීව මෙරටට රැගෙනවිත් රේගු භාරයට පත්වූ විදෙස් මත්පැන් බෝතල් 18,765ක් එහි ගබඩා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මත්පැන් තොගය රුපියල් කෝටි 17කට අධික වෙළඳපොළ වටිනාකමක් සහිත බවයි පැවසෙන්නේ.

මෙම මත්පැන් බෝතල් තොගය ඉදිරියේදී බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියකදී තරගකාරී මිලකට ලබා ගැනීම සඳහා වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/ni10qFd
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.