භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි ඔහු විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවට වාර්තා වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
හිටපු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රට බංකොලොත් වීමට හේතු සොයන පාර්ලිමේන්තුවේ කමිටුවට පැමිණ කල ප්‍රකාශයන් හේතුවෙන් ජීවිත තර්ජනය ඇතිවෙතැයි සිරිවර්ධන මහතා මෙම පැමිණිලි දමා ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ අනුව මෙම කමිටුවෙන් කිරීමට උත්සාහ කරන්නේ එවකට රට පාලනය කළ වගකිව යුත්තන්ට සුදු හුණු ගෑම බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී පැවැති සමගි ජන බලවේගය මාධ්‍ය හමුවක් අමතමිනි.
from TODAY NEWS LK https://ift.tt/da9Gey4
via IFTTT


