Loading..

කාන්තාවන්ට සුබ ආරංචියක්

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

මන්ත්‍රීවරිය මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන වනුෂී වෝල්ටර්ස් මහත්මිය සමග සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීයි.

එමෙන් ම උක්ත පනත් කෙටුම්පතට අමතරව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත් ද්විත්වයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



from TODAY NEWS LK https://ift.tt/Z0QInYV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.