රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියමවු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.
එම යෝජනාවද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.අලි සබිරි රහීම් ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවද නියෝජනය කරන මන්ත්‍රීවරයකු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
රහීම් මන්ත්‍රීවරයා කර ඇති විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට විමර්ශනයක් සඳහා යොමු කර ඇති හෙයින් මන්ත්‍රීවරයා කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීමෙන් ගැටලු සහගත තත්වයක් ඇති වන නිසා එම විමර්ශනය අවසන් වනතෙක් ඔහු සියලු කමිටු නියෝජනය නොකළ යුතු යැයි විපක්ෂනායකවරයා එම යෝජනාවෙන් ප්‍රකාශ කරයි.
රහීම්ගේ එම විෂමාචාර ක්‍රියාව පිළිබඳව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්ද සමගි ජන බලවේගය පක්ෂය විසින් කතානායකවරයාට මීට පෙර බාර දෙනු ලැබීය.
from TODAY NEWS LK https://ift.tt/FrDERk5
via IFTTT


