Loading..

සූර් වී රිය පැද වූ මධුමාධව අරවින්ද අත්අඩංගුවට! වෝටර් බැරියර් 10ක් කඩා දමලා!

අධිවේගී මාර්ගයේ බිමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා අධිවේගී මාර්ග පොලිසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ පිටත අධිවේගී මාර්ග කොටසේ කඩවත සිට කෙරවළපිටිය දක්වා ගමන් කිරීමේදී මධුමාධව අරවින්ද මහතා ගමන් කළ මෝටර් රථය මාර්ග බාධක කිහිපයක ගැටෙමින් ගමන් කර ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිවේගී මාර්ග කොට්ඨාස නිලධාරීන් විසින් ඔහු නවත්වා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

වෝටර් බැරියර් නමැති බාධක දහයක පමණ වාහනය ගැටී තිබෙන බවත් ඒ තුළින් සිදුව ඇති හානිය ලක්ෂ පහක් පමණ වන බවත් මේ වන විට ගණනය කර ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේදී අදාළ මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී රියදුරු ලෙස සිට ඇත්තේ මධුමාධව අරවින්ද මහතා බව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබේ.

ඒ වන විට ඔහු බීමත්ව සිටින බවක් නිරීක්ෂණය වී ඇති බැවින් ඔහු බීමතින් සිටීදැයි තහවුරු කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ද පොලිස් නිලධාරීන් විසින් සිදුකර තිබේ.

අනතුරුව නීතිමය කටයුතු සඳහා ඔහු කඩවත පොලිස් ස්ථානයට භාරදී ඇත.

එමෙන්ම බීමතින් රිය පදවා අධිවේගී මාර්ගයේ බාධකවලට හානි කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමටද නියමිත බව වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/H0hIsbV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.