Loading..

හිටපු පොලිස් ලොක්කාගේ පුත්‍රයාගේ රියට යටවුණු 25 හැවිරිදි පොලිස් කොස්තාපල් මරු දකී

කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු ඊයේ (05) සවස සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් මියගොස් තිබෙනවා.

මෝටර් රථය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට ධාවනය වෙමින් තිබියදී සීසීසී ක්‍රීඩාංගණය අසල වටරවුමේදී මෙම අනතුර සිදුව ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

එම ස්ථානයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා යටකරමින් වටරවුම මැද තිබූ දිය පොකුණේ ගැටී ඇති බවයි සීසීටීවී දර්ශනවල තිබෙන්නේ.

මෝටර් රථයේ රියදුරු අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරට ලක්ව ඇතැයි අනුමාන කෙරෙනවා.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රිය අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ පියා වසර ගණනාවකට පෙර එවකට හිටපු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස ස්වේච්චාවෙන් පොලිස් රෝහලේ සේවය කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී එම වෛද්‍යවරයාට උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලය ලබාදී ඇත.

කෙසේවෙතත් මෙම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට පෙර පොලිස් රෝහලේ සේවයෙන් ඉවත්වී ඇති බවද පොලීසිය පවසයි.



from TODAY NEWS LK https://ift.tt/132ij9P
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.