Loading..

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පාසල් ගොඩනැගිලි 50ක් කඩාවැටිලා

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් ගොඩනැගිලි 50ක් පමණ කඩා වැටී තිබේ.

මෙම ගොඩනැගිලි සියල්ලම පසුගිය සති හයක පමණ කාලය ඇතුළත කඩාවැටීම විශේෂත්වයකි.

ඒ අනුව මෙම ගොඩනැගිලිවල අධ්‍යාපනය ලැබූ දරුවන් සහ ගුරුවරුන් වෙනත් පාසල්වලට යොමු කර ඇති බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් පැවසුවේ.

එමෙන්ම මෙලෙස කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවත් ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කළ හැකි මට්ටමේ පවතින බවත් ලේකම්වරයා අවධාරණය කළේය.

නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ මුදල් වෙන් කෙරෙනු ඇති.



from TODAY NEWS LK https://ift.tt/ax8sLdy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.