Loading..

ප්‍රවේශපත්‍ර පරීක්ෂකට පෙදරේරුවා පහර දෙයි! පෙදරේරුවාට මගීන් පහර දෙයි!

ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරන නිලධාරියකුට පහරදුන් බව කියන පෙදරේරුවකු කාන්තාවන් ඇතුළු මගීන් පිරිසක ගේ පහර කෑමකට ලක්ව සුළු තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ බව කියන ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියා ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියාට පහර දෙනවා දුටු දුම්රිය ස්ථානයේ රැඳී සිටි කාන්තාවන් සහ මගීන් පිරිසක් දුම්රිය වර්ජන ඇති කරන්න හදන්න එපා යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇති බව පැවසේ.(lankadeepa)



from TODAY NEWS LK https://ift.tt/VvnUCR0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.