Loading..

ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ආපදා කළමනාකරණ ඒකකයෙන් දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසය.

ඒ අනුව දුරකථන අංක 0412 234 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.



from TODAY NEWS LK https://ift.tt/QrSpXdz
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.