Loading..

ජැක්සන් ඇන්තනීගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමක! වෛද්‍යවරුන් තීරණයක් ගනී!

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශීල්පී ජැක්සන් ඇන්තනීගේ සෞඛ්‍ය තත්ත්වය මේවනවිට අවධානම් තත්ත්වයක පවතින බව වාර්තා වනවා.

රෝහල් බලධාරීන් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ ජැක්සන් ඇන්තනී තව දුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ප්‍රතිකාර ලබා දීමට තීරණය කළ බවයි.  

ඔහුව තවදුරටත් රෝහලේ තබා ගන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යරුන් හා පාලනාධිකාරිය ඉකුත් දා සාකච්ඡාවක් පැවැත්වුවා.

ජැක්සන් ඇන්තනීව තවදුරටත් රෝහලේ රඳවාගෙන ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් තීරණය කර ඇත්තේ එහිදීයි. 

කෙසේවෙතත් මේවනවිට ජැක්සන් ඇන්තනීගේ රුධිර පීඩනය අඩු වෙමින් ඇති බවත් , ඔහුට මේවන විට ලබා දෙන්නේද ඔහු පසුවන තත්ත්වයේ සිටින රෝගියෙකුට ලබා දිය හැකි උපරිම ඖෂධ ප්‍රමාණය බවත් රෝහල් ආරංචිමාර්ග පවසනවා.

ජැක්සන් ඇන්තනීට ළය ප්‍රදේශයේ ආසාධන තත්ත්වයක්ද හටගෙන ඇති අතර එම තත්ත්වය මේවනවිට සුව වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
උපුටා ගැනීම – නෙත් නිව්ස්



from TODAY NEWS LK https://ift.tt/qpG8Bfc
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.